25 C
Colombo
Wednesday, September 27, 2023

මාලිගාකන්ද දී සිදුවූ වෙඩි තැබීමකින් දරුවකු ජීවිතක්ෂයට

- Advertisement -

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය දරුවාගේ පියා වෙඩි තැබීමේ ඉලක්කය බවට පත්ව ඇති අතර ඔහු ඉකුත් වසරේ කොටහේන ප්‍රදේශයේ සිදුවු අපරාධ සිදුවීමක ප්‍රධාන සැකකරුවෙකු බව පොලීසිය පවසනවා .

නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ යළි පිටව යමින් සිටි පුද්ගලයෙක් වෙඩි තැබීමේ ඉලක්කය බවට පත්ව තිබු බවයි පොලිසිය පවසන්නේ .

අදාළ පුද්ගලයා පසුගිය වසරේ නොවැම්බර් මස කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවෙක් වන අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවාද ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අධිකරණය අසලදී ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි එම පිරිසට වෙඩි තබා පළාගොස් තිබුණා.

වෙඩි තැබීමෙන් ඉලක්කය බවට පත්ව තිබූ පිරිමි පුද්ගලයා සහ ඔහුගේ වයස අවුරුදු 06ක පමණ ගැහැණු දරුවා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබු අතර බරපතළ තත්ත්වයේ පසූවු කුඩා දරුවා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...