ශ්‍රී ලංකාවට ලෝකයේ ප්රමුඛ පෙළේ නායකයන්ගේ පෞරුෂයන්ගෙන් සමන්විත නායකයෙකු සිටින බවඑක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා.
ඔහු ගම්පහ පැවැති ජනහමුවකදී අදහස් පළ කරමින් කියා සිටියේ,
“රනිල් වික්‍රමසිංහ රුසියාවේ පුටින්ට සමාන ආකාරයෙන් ඕනෑම තැනක සහ ඕනෑම වේලාවක බියෙන් තොරව තීරණ ගන්නවා. අද අපට සිටින්නේ ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් සහ ව්ලැඩිමීර් පුටින්ගේ එකතුවක් වූ නායකයෙක් ”
විශේෂයෙන්ම ආර්ථික ප්‍රගතියට අවශ්‍ය වෙනස්කම් කිරීමට අවශ්‍ය සියල්ල ශ්‍රී ලංකාවට දැන් තිබෙන බැවින්, 2024 මේ රට වෙනස් කරන වසර බව ආශු මාරසිංහ වැඩිදුරටත් එහිදි පවසා සිටියා.