සාමාන්‍ය පෙළ හා උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් ඇතුළු විභාග රාජකාරිවල යෙදෙන නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීමට ඉදිරි සති තුන ඇතුළතදී කමිටුවක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසා ඇත්තේ එම කමිටුවෙ වාර්තාව අනුව දීමනා වැඩිකරන ආකාරය සම්බන්ධව තීරණයක් ගත හැකි බවයි.
උසස් පෙළ විභාගයට උත්තර පත්‍ර පරීක්ෂකවරුන් 19,000ක් ද සාමාන්‍ය පෙළ විභාගයට උත්තර පත්‍ර පරීක්ෂකවරුන් 35,000ක් ද අවශ්‍ය බවද සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසා තිබෙනවා.
අමාත්‍යවරයා තවදුරටත් දැනුම් දී ඇත්තේ අලුතින් පත්වීම් ලබන ගුරුවරුන්ට ද උත්තර පත්‍ර පරීක්ෂාවට අයැදුම් කළ හැකි බවයි.