28 C
Colombo
Monday, June 24, 2024
spot_img

වැටුප් විෂමතා ගැන සොයන්න කමිටුවක්

- Advertisement -

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වනවා.

මේ වන විට රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රැසක නිලධාරීන් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බැවින් ඊට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබුණා.

ඒ අනුව එක් එක් ක්ෂේත්‍රවල පවතින වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යයනය කර ඊට ලබාදිය යුතු විසඳුම් නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත්කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති අතර එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍යංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් සැඳුම්ලත් අදාළ කමිටුව කඩිනමින් පත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් ලබාදී ඇති බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

පාසල් අනධ්‍යන සේවකයින් ලෙඩ වෙලා

දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25)  දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන...

කන්න බැරි හාල් කිලෝ තිස්දාහක් බෙදන්න ගිහින්

අඩු ආදායම්ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව...

ගාසා ළමා අරමුදලට කාත්තන්කුඩියෙන් රුපියල් කෝටියක්

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...