31 C
Colombo
Saturday, July 27, 2024

වෛද්‍යවරියකට ලිංගික අතවර කිරිමට තැත් කළ සෞඛ්‍ය නිලධාරියාට එරෙහිව පැමිණිල්ලක්

- Advertisement -

නුවර එළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් අලුතින්පත්විම් ලබා පැමිණි වෛද්‍යවරියකට ලිංගික අතවර කිරිමට තැත් කළ බවට එම වෛද්‍යවරිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කර තිබෙනවා.

එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට වෙනත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් නොමැති නිසා නුවරඑලිය දිස්ත්‍රික්කයට අලුතින් පත්විම් ලද එම වෛද්‍යවරිය යොමු කිරිමට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු කර තිබුණා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් අවස්ථා කිහිපයකදි තමන්ට ලිංගික බලපැම් සිදු කල බවත්, එවැනි තත්ත්වයක් මත තවදුරටත් එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ තමන්ට සේවය කිරිමට නොහැකි නිසා දිස්ත්‍රික්කය තුලම වෙනත් රෝහලක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකට තමන්ව යොමු කරන ලෙසට එම වෛද්‍යවරිය විසින් කරන ලද ඉල්ලිමක් මත නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරින් විසින් එම වෛද්‍යවරියව දිස්ත්‍රික්කය තුල පිහිටි ප්‍රාදේශිය රෝහලට මාරු කර යවා ඇති බවත් වාර්තා වනවා.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් අනුව වෛද්‍යවරියට ලිංගික බලපැම් සිදු කල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට එරෙහිව විනය පියවර ගැනිමට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරින් පියවර ගනිමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...