29 C
Colombo
Saturday, July 20, 2024

මැච් එක පැරදුන එක ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

- Advertisement -

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාවට එරෙහිව පැවති අවසන් මහා තරඟය පරාජයට පත්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානයට අද (18) පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.

අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනී කමන්ත තුෂාර මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම දැවී යාම සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව ඊයේ පැවති අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 15 යි පන්දු 2 ක් තුළ ලකුණු 50 කට දැවී ගියා.

ජාමුනී කමන්ත තුෂාර මහතා සඳහන් කළේ තරඟය පාවාදී ඇත්ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතු වීම හේතුවෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

RECENT ARTICLES - SINHALA

බංග්ලාදේශයේ සිටින ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු...

නිලන්ත ජයවර්ධන ගැන සොයන්න විනය මණ්ඩලයක්

අනිවාර්ය නිවාඩු යවන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විනය පරීක්ෂණ මණ්ඩලය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නම් කර තිබෙනවා ඒ...

සෝමාවතී පුදබිමට රෝහලක්

ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (19)...

POPULAR ARTICLES

සිරිමාවෝ බාලිකාවේ අපූරු බුද්ධ පූජාව

0
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා පාසලේ අපූරු බුද්ධ පූජාවක් අද (18) දින පවත්වා තිබෙනවා. ඒ අනුව 6 ශ්‍රේණියේ දරුවන් හට බුද්ධ පූජාව සඳහා ගිලන්පස වර්ග, කැවිලි...

ලංකාවේ ඉදිවන අලුත්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ

රජයේ තීරණයක් මත හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වෙනුවෙන් සංවර්ධනය කිරීමේ කටයුතු අද (19) ආරම්භ කළා. ඒ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

චීනය – හම්බන්තොට සහ ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය

චීනයේ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කිරීම වෙනුවෙන්, වරාය සහ වරාය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා චීන වාණිජ සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇත්තේ කුමන රටවලදැයි...