මස්කෙළිය පොලීසියේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් අද (9) පෙරවරු 09.45 ට පමණ හදිසියේ මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ ලුණුගල – හොක්ටන් වතුයායේ පහළ කොටසේ පදිංචිව සිටි විසි හතර හැවිරිදි රාමසාමි රාගවන් නැමති අවිවාහක පොලිස් නිලධාරියෙකි.
මස්කෙළිය පොලීසියේ විශේෂ බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිට ඇති මෙම පොලිස් නිලධාරියා හදිසියේ පපුවේ අමාරුවක් ඇති බව පවසා තිබෙනවා.
පසුව පොලිස් නිලධාරීන් විසින් වහාම ඔහුව පොලිස් ජීප් රථයෙන් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව කොස්තාපල්වරයා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මස්කෙළිය ප්‍රදේශිය රෝහලේ වෛද්‍යවරයෙක් සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරියාගේ PCR සාම්පල් ලබාගෙන නුවරඑළිය මහ රෝහල වෙත යැවීමට කටයුතු කළ බවයි.