29 C
Colombo
Saturday, July 27, 2024

තවත් ඖෂධයක් ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්

- Advertisement -

දැනට රට තුළ භාවිත කෙරෙන Meropenem නැමැති ප්‍රතිජීවකයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා අද (12) අනාවරණය කර තිබෙනවා.

ඔහු පවසන්නේ එම ප්‍රතිජීවක අඩංගු කුප්පි තුළ වීදුරු කැබලි හමුවීමේ සිද්ධි වාර්තාවී ඇති බවයි.

එම Meropenem නමැති ප්‍රතිජීවකය ඇති බහාලුම් පිළිබඳ පවසමින් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ එම ප්‍රතිජීවකය සැපයූ සැපයුම්කරු මින් පෙර ගෙන්වූ ඖෂධ තොගය තත්ත්වයෙන් අසමත්වී ඇති බවයි.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනකරු ලෙස ක්‍රියාකරමින් පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් ඉකුත් සැප්තැම්බරයේ මෙරටට ගෙන්වූ ඖෂධ තොග ඇතුළත් බහාලුම් රැසක් අනාරක්ෂිත ලෙස වැලිසර, කැලණිය සහ වත්තල රේගු පර්යන්තවල ගබඩා කර ඇති බවට සෞඛ්‍ය වෘත්තිය සමිති පසුගිය දිනවල චෝදනා කළා.

එම ඖෂධ මෙලෙස මාස 04කට වැඩි කලක් අනාරක්ෂිත ලෙස තබා ඇත්තේ ඒවා ගබඩා කළ යුතු නිසි උෂ්ණත්වය පිළිබඳවද කිසිදු තැකීමකින් තොරව බව ඔවුන් පවසනවා.

එම එක් බහාලුමක් තුළ අමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ වටිනා ඖෂධ අඩංගු වන බවද සඳහන්.

මේ අතර ප්‍රශ්නගතවූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නතට අදාළව හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකරන සමයේ රටතුළ සැබැවින්ම ඖෂධ හිඟයක් පැවතියේද යන්න පිළිබඳ විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකුගෙන් අද (12) ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඒ එවැනි ඖෂධ හිඟයක් පැවති බවට එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබාදී ඇති ප්‍රකාශ මත පදනම්ව බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...