31 C
Colombo
Saturday, July 27, 2024

දේශබන්දුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමේ නඩු ගොනුව සේප්පුවේ රඳවා තබන්නට අධිකරණ නියෝගයක්

- Advertisement -

වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 07 ක විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කර තිබෙනවා.

ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් ස්ථිර පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක් කරමින් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පාර්ශව නවයක් විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ජුනි මස 19 වනදා කැඳවන ලෙසත් අධිකරණය විසින් නියෝග කර තිබුණා.

මෙම පෙත්සම් ඊයේ (02) කැඳවනු ලැබුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

එම අවස්ථාවේදී කාදිනල් හිමිපාණන් ඇතුළු සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් ස්ථිර පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් සිය සේවාදායකයින් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබෙන බවයි.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සම් මෙම අවස්ථාවේදී සලකා බැලීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවත් එහි විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්වල විභාගය අවසන් කිරීමට තීන්දු කළා.

ඉන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් ස්ථිර පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවන ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පොලිස්පතිවරයා පත් කරීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සටහන් අධිකරණයට ඉදිරිපත් කරන බවට අදාළ පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මීට පෙර අධිකරණය හමුවේ දැනුම් දී තිබූ බවයි.

එහෙත් එම සටහන් මෙතෙක් ලැබී නොමැති බවත් ඒවා අධිකරණය හමුවේ ගොනු කිරීමෙන් පසුව මෙම පෙත්සම් සලකා බැලීම සඳහා දින නියම කරන ලෙසත් එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මෙම අවස්ථාවේදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව සඳහන් කරමින් විනිසුරු තුරෙයි රාජා විසින් මෑතකදී ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවට අදාළව තමා ගැඹුරින් කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව කියා සිටියා.

ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ එබැවින් එම නඩු ගොනුව ආරක්ෂිත සේප්පුවක රඳවා තබන ලෙසයි .

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාල නඩු ගොනුව ආරක්ෂිත සේප්පුවක රදවා තබන ලෙසත් එහිදී නියෝග කළ අතර අනතුරුව අදාල පෙත්සම් සලකා බැලීම සඳහා ජූනි මස 19 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...