ඉහළ කොත්මලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කොත්මලේ ඔයේ තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් අද (12) දින හමු වු බව ලිදුල පොලිසිය පවසනවා.
ලිදුල පොලිසිය සඳහන් කළේ, කොත්මලේ ඔයේ නාඳුනන කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශ වාසීන් විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගත් බවයි.
මිය ගොස් සිටි කාන්තාව අවුරුදු 45ක් පමණ වයසැති කාන්තාවක් වන අතර, ඇය රතු පාට හැට්ටයක් සහ කළු පාට සායක් ඇඳ සිට ඇති බව වාර්තා වනවා.
සිරුර සම්බන්ධයෙන් නුවර එළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවර එළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.