30.7 C
Colombo
Tuesday, April 23, 2024

ජලාශයක තිබී තරුණියකගේ මළ සිරුරක් හමු වෙයි

- Advertisement -

රාගල පොලිස් වසමේ ඩෙල්මාර් වත්ත උඩ කොටස ප්‍රදේශයේ කුඩා ජලාශයක තිබී සැකකටයුතු ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ රාගල පොලීසියට ලද තොරතුරක් මත එම සිරුර සොයාගත් බවයි.

එලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි නානුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්.

ඇය පසුගිය මාර්තු 30 වනදා කිසිවෙකුටත් නොදන්වා නිවසින් පිටව ගොස් ඇති අතර, ඒ පිළිබඳව කළ සොයා බැලීමක්  අතරතුර මෙම සිරුර හමුවී තිබෙනවා.

ඇයගේ මෘත ශරීරය නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර, රාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී අභාවප්‍රාප්ත වු...

රාජ්‍ය ආයතන 05ක් මේ සතියේ කෝප් කමිටුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ...

ඉරාන ජනපති හෙට ලංකාවට

පකිස්ථානයේ නිල සංචාරයක නිරත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා හමුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම හමුවේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම්...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක්

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර අද (21) සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලැබුවා. මේ...