රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබෙනවා.
දීර්ඝ කරුණුවිමසා බැලීමකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා මෙම තීන්දුව ලබා දී තිබුණා.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් 4 දෙනෙකුට එරෙහි එන්නත් නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඔහු මෙම ඇප එල්ලීම ගොනු කර තිබුණා.