32 C
Colombo
Monday, January 20, 2025

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමේ තීරණයක්

- Advertisement -

පළාත් පාලන මැතිවරණය සඳහා ලබාගත් නාමයෝජනා අවලංගු කිරීමට ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කළේ, එළැඹෙන වසරේදී පළාත් පාලන මැතිවරණය පැවත්වීම සඳහා අදාළ පාර්ශව සමග සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට දැනුම්දුන් බවයි.

“ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට දැනුම්දුන්නා මේ පළාත් පාලන ඡන්ද වීමසීමේ නාම යෝජනා භාර අරගෙන, ඒ නාම යෝජනා භාර ගත්ත සමහර රජයේ සේවකයෝ එහෙම ඉන්න නිසා ඔවුන්ට රැකියාවට නිරතවීම සහ වෙනත් කටයුතුවලදී විවිධ දුෂ්කරතා පිළිබඳ විටින් විට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කරුණු ඉදිරිපත් වෙන නිසා නීතිපතිතුමාගෙන් අහලා දැනගෙන හා අනෙක් පක්ෂ සමග සාකච්ඡා කරලා නාමයෝජනා භාගෙන තිබෙන පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා අවසන් කරන්න. ඒ කියන්නේ ඒක අවලංගු කරන්න. දෙවනුව එතුමා සඳහන් කළා, පළාත්සභා ඡන්දය මේ තියෙන ආරවුල් ක්‍රමවේද නැතුව කලින් පැවතුන ක්‍රමවේදයට කාන්තා නියෝජනයත් ඇතිවන ආකාරයට පැවැති ක්‍රමවේදයට පළාත් සභා ඡන්දය ලබන වර්ෂය තුළ පවත්වන්න නීතිපතිතුමත්, මැතිවරණ කොමසාරිස්තුමත් පක්ෂ නායකයින් සමගත් සාකච්ඡාවක් ආරම්භ කරන්න කියලා, අග්‍රාමත්‍යවරයාට දැනුම්දීමක් කළා.”

RECENT ARTICLES - SINHALA

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

POPULAR ARTICLES