29 C
Colombo
Friday, June 2, 2023

වෛද්‍යවරුන්ගේ අමතර දීමනා වැඩි කිරීමට තීරණයක්

- Advertisement -

කොවිඩ් වසංගත කාලසීමාවේ දී සියලු ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනා මාස හතරක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

මැයි මස පළමු වැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා වෛද්‍ය පරිපාලන, විශේෂඥ වෛද්‍ය ඇතුළු සියලු ශ්‍රේණිවල වෛද්‍ය නිලධාරීන් සඳහා අමතර රාජකාරි දීමනා සංශෝධනය කිරීමට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඇමැති මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇත.

ඒ අනුව ආයතන ප්‍රධානීන්ගේ නිර්දේශය මත වෛද්‍ය නිලධාරීන්ගෙන් කොටසක් පමණක් සේවයට වාර්තා කළ යුතු ඒකක, අංශ හා රෝහල් සඳහා දැනට පවතින දිනකට උපරිම අමතර රාජකාරි දීමනාව පැය හතරේ සිට පැය අට දක්වා ඉහළ නැංවීම හා මාසික උපරිම සීමාව වන පැය 120 නොවෙනස්ව පවත්වා ගෙන යාමට යෝජනා කර ඇත.

තවද ආයතන ප්‍රධානියාගේ නිර්දේශය මත දිනපතා සේවයට වාර්තා කළ යුද ඒකක, රෝහල් හා ක්ෂේත්‍ර රාජකාරි සඳහා දැනට පවතින අමතර රාජකාරි දීමනාව පැය 04 සිට 08 දක්වා වැඩි කිරීමටත්, මාසික උපරිම සීමාව පැය 120 සිට පැය 180 දක්වා වැඩි කිරීමටත් යෝජනා කර තිබේ.

වෛද්‍ය නිලධාරීන් දිරි ගැන්වීම සඳහා අමතර රාජකාරි දීමනා වැඩි කිරීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහසයි. සාමාන්‍යයෙන් පළමු ශ්‍රේණියේ වෛද්‍යරවයකුට අමතර රාජකාරී දීමනා පැයකට රුපියල් 1101ක් ද ප්‍රාථමික ශ්‍රේණි වෛද්‍යවරුන් සඳහා රුපියල් 500ක් ද වෙයි.

පළමු ශ්‍රේණියේ වෛද්‍යවරයකුගේ මූලික වැටුප රුපියල් 82000ක් වන අතර ප්‍රාථමික ශ්‍රේණි වෛද්‍යවරයකුගේ මූලික වැටුප රුපියල් 45000ක් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...