28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

හමුදාව ලක්ෂයක් දක්වා අඩු කිරීමේ තීරණයක්

- Advertisement -

2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඔහු පවසන්නේ, යුද කාලයෙන් පසු වත්මන් සහ අනාගත තර්ජන පිළිබඳ සැලකිල්ලට ගෙන මෙරටට ගැලපෙන පරිදි යුද හමුදාවක් සකස් කිරීම රජයේ අරමුණ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“යුද කාලෙන් පස්සේ වර්තමාන සහ අනාගත තර්ජන සැලකිල්ලට ගෙන විශ්ලේෂණයක් කරලා අපේ රටට ගැළපෙන ආකාරයේ හමුදාව සකස් කරගැනීම තමයි ජනාධිපතිවරයාගෙත් රජයේත් ආරක්ෂක මණ්ඩලයේත් බලාපොරොත්තුව. ඒ අනුව ආරක්ෂක සමාලෝචනය 2030 කියන වැඩසටහන යටතේ වෙනම විද්වත් මණ්ඩලයක් පත්කරලා තියෙනවා. ඒ අනුව අපි සංඛ්‍යාත්මක වශයෙන් හමුදාව 208,000ක කාඩර් එකක් ඉන්නවා. ඒක ලක්ෂයක් දක්වා ගේන්න තමා අපේ බලාපොරොත්තුව. අපි කිසිම කෙනෙකුව ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සංඛ්‍යාත්මකව අපි හදලා තියෙනවා ස්වභාවිකව හමුදාවේ අඩුවීම ගණනය කරලා 2030 වන විට ලක්ෂයක ප්‍රමාණයක යුද හමුදාව තබා ගැනීම තමා අපිට දැනට තියෙන බලාපොරොත්තුව. ඒ වගේම නාවික හා ගුවන් හමුදාව ශක්තිමත් කරන්න ඕනේ. භූගෝලීය වශයෙන් අපි ඉන්නේ ඉතාම සංකීර්ණ වැදගත් තැනක. ඒ නිසා නාවික හමුදාව ශක්තිමත් කිරීමත් අපි වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවා.”

මේ අතර, හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් නොවූ පුද්ගලයින් හට නීත්‍යානුකූලව ඉන් ඉවත්වීමට ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කළා.

“පොදු සමාවක් ලබාදුන්නා නීතියානුකූල නොවන අයුරින් හමුදාවෙන් පිටව ගිය අයට. මේ මස 20 වනදා එම පොදු සමා කාලය අවසන්වීමට නියමිතව තිබෙනවා. දැනට 15,000ක් පමණ පොදු සමාව ලබාගන්න ඉදිරිපත් වෙලා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශය මට ලබාදුන්න තොරතුරු මත. නමුත් අපි දකිනවා මේ ට්‍රෙන්ඩ් එකේ වෙනසක්. 2024 මාර්තු මාසයේ හමුදාවෙන් නීතියානුකූල නොවන ආකාරයට ඉවත් වූ සංඛ්‍යාව 357යි. නැවත වාර්තා කළ ප්‍රමාණය 799යි. හැර ගියාට වඩා වාර්තා කරපු සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්නේ වසර ගණනාවකින් කියලා තමයි මට තියෙන තොරතුරු අනුව දැනගන්න තියෙන්නේ. අපි පොදු සමාව දීර්ඝ කරන්න බලාපොරොත්තුවක් නෑ. වෘත්තීමය ත්‍රිවිධ හමුදාවක් අපිට ඉන්නේ.”

RECENT ARTICLES - SINHALA

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

පැෆරල් සංවිධානයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වග බලා ගන්නා ලෙස රජයේ ආයතන...

ආනවිලුන්දාවේ කුරුල්ලන් සහ මසුන් අබිරහස් ලෙස මිය ගිහින්

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ආශ්‍රිත කුරුළු අභය භූමියේ සහ එහි ජල මාර්ගවල කුරුල්ලන් සහ මසුන් සිය ගණනක් මිය ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ මෙම...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...