28 C
Colombo
Monday, May 20, 2024

සිංහල අවුරුද්දේ මද්‍යසාර භාවිතයේ අඩුවක්

- Advertisement -

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතය හා ඒ හා සම්බන්ධ තොරතුරු සොයා බැලීම සදහා කළ සමීක්ෂණයකදි මේ බව හෙළිව තිබෙනවා.

මෙම සමීක්ෂණයේ දී ශ්‍රී ලංකාවේ සියලු පළාත් ආවරණය වන පරිදි පුද්ගලයන් 415 ක නියදියකින් තොරතුරු ලබාගෙන තිබෙන අතර මෙම නියදියෙන් 46.2% ක් (192) ස්ත්‍රීන් වන අතර 53.7% ක් (223) පුරුෂයන්.

සමීක්ෂණයට භාජනය වූවන් අතරින් 64 %ක අදහස වි තිබුණේ පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු උත්සව කාලය තුළ මද්‍යසාර භාවිතය අඩු වී ඇති බවයි.

මද්‍යසාර භාවිතය වෙනසක් නොවූ බව 26% ක් ප්‍රකාශ කර තිබෙන අතර 10% කගේ අදහස වූයේ මද්‍යසාර භාවිතය පෙර උත්සව සමයට සාපෙක්ෂව මෙවර උත්සව සමයේ වැඩි වූ බවයි.

මද්‍යසාර භාවිතය අඩු වීමට බලපෑ හේතු පිළිබඳ විමසීමේ දී 71.5% ක් ප්‍රකාශ කර සිටියේ මද්‍යසාර මිළ වැඩි වීම, මද්‍යසාර භාවිතය අඩු වීමට ප්‍රබලතම හේතුව වූ බවයි.

එමෙන්ම පවුලේ සමාජිකයන්ගේ විරෝධය, සෞඛ්‍ය ගැටලු, මද්‍යසාර භාවිතය අඩු වීමට හේතුවක් වූ බවත් මද්‍යසාර භාවිතය තේරුමක් නැති දෙයක් ලෙස දැකීමත් මද්‍යසාර භාවිතය අඩුවීමට බලපෑ බවත් ඔවුන්ගේ අදහස් අතර ප්‍රමුඛව දක්නට ලැබෙන බව එම ආයතනය පවසනවා.

පසුගිය අවුරුදු සමයට සාපේක්ෂව මෙවර අවුරුදු සමයේ මද්‍යසාර භාවිතා කර සිදු කරන ආරවුල් අඩු වී ඇති බව සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 70.8%කගේ අදහස වූ අතර 7.8%කගේ අදහස වූයේ එවැනි සිදුවීමි වැඩි වී ඇති බවයි.

21.4%කගේ අදහස වූයේ පෙර වසරට සාපේක්ෂව මෙවර ඒ වැනි සිදුවීම්වල වෙනසක් නොමැති බවයි.

මෙම සමීක්ෂණයේ දී විශේෂයෙන් අවුරුදු කාලය තුළ අරක්කු/බියර් භාවිතය රසවත් කරන, ඒ සඳහා පොළඹවන ‌සමාජ මාධ්‍ය ‌පොස්ට් පිළිබඳ විමසීමක් සිදු කර තිබුණා.

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට (NATA) අනුව සියලු ආකාරයේ මද්‍යසාර ප්‍රචාරණයන් තහනම් වුවද සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 71.4%ක් ප්‍රකාශ කර සිටියේ එවැනි ආකාරයේ ප්‍රචාරණයන් තමන් සමාජ මාධ්‍ය තුළ දුටු බවයි.

RECENT ARTICLES - SINHALA

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දිනය මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා දින නියම වී තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට 

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට (වීඩියෝ)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...