31 C
Colombo
Saturday, July 27, 2024

ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියෙන් චීන ආර්ථිකයට දැඩි බලපෑම්

- Advertisement -

නැගෙනහිර ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව චීන ආර්ථිකය අඩු වේගයකින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඔවුන්ගේ මෑත කාලීන පුරෝකථන තුලින් නිගමනය කර තිබේ.

චීනයේ ක්‍රියාත්මක ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හමුවේ එරට ව්‍යාපාර වසා දැමීම හා ඒ ඔස්සේ රටවැසියන් සිය දහස් ගණනකට බලපෑම් එල්ල වී තිබීම ආර්ථිකයේ මන්දගාමී වර්ධනයට බලපෑ ඇතැයි ලෝක බැංකුව පවසයි.

එමෙන්ම රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හා ඒ ඔස්සේ බලශක්ති ප්‍රභවයන්ගේ හා ආහාරවල මිල මෙන්ම සැපයුම් ජාලයට එල්ල කර ඇති බලපෑම චීන ආර්ථිකය මත පැටවී ඇතැයි ද වාර්තා වේ.

චිනයේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය සහ දේපළ වෙලදාම් ක්ෂේත්‍රයේ පවතින අර්බුද හේතුවෙන් ලෝක බැංකුව චීනයේ ආර්ථික වර්ධනය ප්‍රක්ෂේපනය සියයට 2 යි දශම 8 ක් දක්වා පහත දමා තිබේ.

මීට පෙර ලෝක බැංකුව චීනයේ ආර්ථික වර්ධන වේගය පුරෝකථනය කර තිබුණේ සියයට 5 ක් ලෙසයි.

චීනයේ ශුන්‍ය කොරෝනා ප්‍රතිපත්තිය හමුවේ එරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන ලෙස සැලකෙන නගර වසා දැමීම එරට ව්‍යාපාර ක්ෂෙත්‍රය සදහා ඍණාත්මක බලපෑම් එල්ල කර තිබේ.

රටේ ඇතැම් ප්‍රදේශ යළි යළිත් වසා දැමීම හේතුවෙන් විරැකියාව මෙන්ම අඩු රැකියා අවස්ථාව වල වර්ධනයක් චීනය තුළ මේවනවිට පෙන්නුම් කෙරේ.

එමෙන්ම රට තුල පාරිභෝගික භාණ්ඩ වල මිල ගණන් සියයට 2 යි දශම 5 කින් පමණ ඉහල ගොස් ඇත.

ප්‍රදේශ රැසක් හුදෙකලා කිරීම හමුවේ කර්මාන්තශාලාවල නිශ්පාදන අඩුවී සැපයුම් ක්ෂේත්‍රය මෙන්ම චීනයේ භාණ්ඩ නැව්ගත කිරීම් ප්‍රමාදවීමෙන් ද චීනය අර්බුද රැසකට මුහුන පා ඇත.

මේවනවිට චීනයේ සෑම තරුණියන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් විරැකියාවෙන් පීඩා විදිමින් සිටී.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...