රුසියානු යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් සොයා බැලීමට හැකි තරම් ඉක්මනින් ධූත පිරිසක් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු තානාපතිවරයෙකු ඇතුළු පිරිසක් නියෝජනය කරමින් එම ධූත පිරිස යැවීමට ජනාධිපතිවරයා උපෙදස් දුන් බව තාරක බාලසූරිය මහතා මෙහිදී පවසා සිටියා.
එමෙන්ම, රුසියාවට ගිය පුද්ගලයින්ගේ තොරතුරු එක් කිරීම සඳහා මේ වනවිට ආරක්ෂක අමාත්‍යාංශයේ ක්ෂණික දුරකථන අංකයක් ද ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
තාරක බාලසූරිය මහතා තවදුරටත් සඳහන් කළේ , නිල නොවන ආරංචි මාර්ගවලට අනුව මේ වන විට 600-800ක අතර ප්‍රමාණයක් රුසියාවේ සිටින බවට වාර්තා වී ඇති අතර ඇතැම් විට එම ප්‍රමාණය මීට වඩා අඩු හෝ වැඩි විය හැකි බවයි.