30 C
Colombo
Friday, May 17, 2024

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සහ ජයිකා ප්‍රධාන නියෝජිතයින් අතර සාකච්ඡාවක්

- Advertisement -

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය හෙවත් ජයිකා අයතනයේ නිලධාරීන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ මූල්‍ය සංවර්ධන සහ සහයෝගිතා සම්බන්ධතා කටයුතු පිළිබඳ උප සභාපති ආචාර්ය මෙගුමි මුටෝ සහ මෙරට ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටි බවයි.

පුනර්ජනනීය බලශක්ති වැඩසටහන්, හරිත ප්‍රතිසාධනය සහ කාලගුණික වෙනස්වීම් යන කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

මෙරට විදුලිබල ක්ෂෙත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අමාත්‍යංශය තුළ ස්ථාපිත ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශය පවත්වාගෙන යාමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මුල්‍ය ප්‍රදානයක් සිදුකර ඇති අතර විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය උපදේශනයන්ද ලබාදීම සිදුකළ බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මුහුදුබඩ ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා. කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට...

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...