කොව්ඩ් 19 ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අද (02) පෙරවරුවේ ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
රාගම ශික්ෂණ රෝහලේ සේවයකරමින් සිටි ඒ මහතා මිය යන විට 31 හැවිරිදි වියේ පසුවුණා.
ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය පළමු වෛද්‍යවරයා ලෙස වාර්තා වන්නේ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතායි.
නුගේගොඩ ලැයිසියම් ජාත්‍යාන්තර පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා චීනයේ ටියැංජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණියා.
රාගම ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටියදී කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීමෙන් අනතුරුව ඔහුව ප්‍රතිකාර සදහා IDH රෝහලට යොමුකර තිබෙනවා.
කලක පටන් දියවැඩියා රෝගයෙන් පීඩාවිදිමින් සිටි ඔහු කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළු ආබාධයකටද ලක්වුණා.
පසුව මෙරට එකම එක්මෝ යන්ත්‍රයක් පමණක් ඇති කරාපිටිය ශික්ෂණ රෝහලට දන්තනාරායන මහතා ඇතුළත් කර ප්‍රතිකාර සදහා යොමුකර තිබුණා.
වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක්ද මේ වන විට කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෙරට කොවිඩ් දරුණු අතට. වෛද්‍යවරයෙකුත් මියයයි

- Advertisement -
RECENT ARTICLES - SINHALA
පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.
රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි
දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...
තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු...
RECENT ARTICLES - ENGLISH
IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...
Andrew Tate to spend another month behind bars
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...
Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...