32 C
Colombo
Friday, March 31, 2023

ගාල්ලේ රත්තරන්ට ආචාර්ය උපාධියක්

- Advertisement -

‘ගාල්ලේ රත්තරන්’ ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හට ආචාර්ය උපාධියක් පිරිනමා ඇති බවට News19 වෙත තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව ඔහුට ගුප්ත විද්‍යාව පිළිබදව ආචාර්ය උපාධියක් ලැබී ඇති අතර එම උපාධිය ඇමරිකාවේ Commonwealth Peace University නමැති ආයතනයක් මගින් ලබාදී තිබෙනව බව ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පවසනවා.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු වන ඔහු මීට පෙර එ

අදාළ ආචාර්ය උපාධිය පිළිබදව අප කළ සොයාබැලීමේදී වාර්තාවූයේ එම ආයතනය මුදලට ආචාර්ය උපාධි ලබාදෙන ආයතනයක් බවයි.

ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන්ලක්ෂ අනූදහසක (රුපියල් 390,000) මුදලක් මේ සඳහා අයකර ගන්නා එම ආයතනය ශ්‍රී ලංකාවේ හෝටලයකදී අදාළ උපාධි ප්‍රදානෝත්සවය පවත්වනවා.

එහි මීළඟ උපාධි ප්‍රදානෝත්සවය නොවැම්බර් 26 වනදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.

Commonwealth යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබූ රටවල්වල එකතුවකින් පසුකාලීනව සෑදූ ජාත්‍යන්තර සංවිධානයක් වන පොදුරාජ්‍ය මණ්ඩල යයි.

පොදුරාජ්‍ය මණ්ඩලයට ඇමරිකා එක්සත් ජනපදය අයත්වන්නේ නැහැ.

‘ගාල්ලේ රත්තරන්’ හෙවත් ජගත් පුෂ්පකුමාර යනු ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ කට්ටඩියෙකු වන අතර ඔහුට ඔහුගේ දේවාලය තුළදීම බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයෙක් වනවා.

මීට අදාළව 2019 වසරේ පෙබරවාරි මස 28 වනදා ඔහුව අත්අඩංගුවට ගත්තද එදිනම ඔහුට ඇප නියම වුණා.

ඉන් අනතුරුව චීන ජාතික කාන්තාවක් දුෂණය කිරීමේ චෝදනාවට ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් සහ ඔහුගේ රියදුරා වන විතානගේ කැලුම් සමීර හෙවත් ‘සුදා’ ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

පසුව ඔහුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළද එදිනම ඇප ලබා නිදහස වූවා.

එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැද දකුණු පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු පසුව 2014 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වුණා.

අනතුරුව ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී දේශපාලන කටයුතුවල නිරත වුණා.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...