26 C
Colombo
Saturday, May 18, 2024

ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරක රියඅනතුරක්

- Advertisement -

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ පොලීසිය අසලදී මාරක රියඅනතුරක් සිදුව තිබෙනවා.

කුඩා ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර තුවාලකරුවන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අම්බලන්ගොඩ ⁣පොලීසිය පවසනවා.

මොරටුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඉදිකිරීමක් සඳහා පැමිණ බද්දේගම බලා ආපසු යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

රියදුරුට නින්දයාම නිසා මාර්ගයෙන් ඉවතට පැන ඇති රථය කොංක්‍රීට් කණුවල ගැටීමෙන් පෙරළීගොස් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කළා.

ලොරි රථයේ පිටුපස ගමන්ගත් පිරිස අතර සිටි පුද්ගලයකු රථයේ තිබූ කොංක්‍රීට් මැෂිමට යටවී බරපතළ තුවාල ලබා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාව, තද සුළං සහ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...