ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරඟ ගාස්තුවෙන් සියයට 10ක දඩයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබෙනවා.
ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පෙරේදා (07) පැවැති තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන්.
තරඟ තීරකවරයා තීරණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් නියමිත වේලාවට පන්දුවාර දෙකක් අඩුවෙන් යොමු කර ඇති බවයි.
ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩ මුදල නියම කර තිබෙන අතර ප්‍රමාද වන පන්දුවාරයකට තරග ගාස්තුවෙන් සියයට 5ක දඩ මුදලක් නියම වනවා.
නායක දසුන් ශානක විසින් අදාළ ප්‍රමාදය පිළිගෙන ඇති බව ද සඳහන්.