29 C
Colombo
Saturday, July 27, 2024

දකුණු කොරියාවේ මහල් පහක ගොඩනැගිල්ලක් බස් රියක් මතට කඩා වැටෙයි. 9 දෙනෙක් ජීවිතක්ෂයට

- Advertisement -

දකුණු කොරියාවේ මහල් පහක ගොඩනැගිල්ලක් බස් රථයක් මතට කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා.

ග්වාංජු ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

පුද්ගලයින් 17 දෙනෙකු රැගත් බස් රිය පහළ වීථියක නතර කර තිබියදී මෙසේ අනතුරට ලක් වුණා.

ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව තවමත් බලධාරීන් විසින් පැහැදිලි කර නැහැ.මේ අතර සිරවී සිටින දිවි ගලවා ගත් අය සෙවීමේ උත්සාහයන් ද ක්‍රියාත්මකයි.

ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර එම ස්ථානයේ සිටි සියලුම සේවකයින් ඉවත් කර ඇති බව ගිනි නිවීමේ නිලධාරි කිම් සියොක්-සන් රූපවාහිනී සාකච්ඡාවක දී පැවසුවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටවල දිස්වෙන ආකාරයට ගොඩනැගිල්ල කෙළින්ම කඩා වැටී ඇත්තේ මෙම බස් රථය මතටයි .

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...