නුවරඑළියේ වසන්ත සමය නිමිත්තෙන් නුවරඑළිය මහනගර සභාව විසින් සංවිධානය කරන ලද වසන්ත මල්දැක්මේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය 18 වනදා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
මෙම අවස්ථාවේදී මල් දැක්මට ඉදිරිපත්වූ ජයග්‍රාහකයන් තෝරා ඔවුන් හට කුසලාන හා සහතිකපත් ලබාදී තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය එහි පැමිණ ඇත්තේ නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ආරාධනය අනුව යි.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය නවීන් දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කමලා රණතුංග යන අයද සහභාගීවී තිබෙනවා.
නමුත් ඔවුන් කිසිවෙක් මුව ආවරණයක් හෝ පැලද නොසිටීම විශේෂත්වයක්.








