25 C
Colombo
Saturday, January 18, 2025

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් (වීඩියෝ)

- Advertisement -

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් වුණා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පස්වන දිනයේ දී ලකුණු 318කට සියලු දෙනා දැවී ගියා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තා.

කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න ලකුණු 86ක් රැස් කළා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් ෂකීබ් අල් හසන් කඩුලු 03ක් දවා ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණයි

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු පන්දුවාර 10යි පන්දු 4කදී ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත්තා.

ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් රැස් කළා.

පන්දු යැවීමෙන් හසන් මහමුද් ලකුණු 65කට කඩුලු 4ක් දවා ගත්තා.

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...