27 C
Colombo
Friday, May 3, 2024

19 න් පහළ කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්. චමෝදි කඩුලු 5 යි

- Advertisement -

ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද පැවති ශ්‍රී ලංකාව හා එංග­ලන්තය අතර තර­ග­යෙන් ලකුණු 108ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගයේ කාසියේ වාසිය දිනා­ගත් ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ පළමුවෙන් පන්දු­වට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 226ක් ලබා­ගත් අතර, පිළි­තුරු ඉනිම හඹා­ගිය එංග­ලන්ත ක්‍රීඩි­කාවෝ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 118ක් පමණයි.

මෙම තරඟයේ කාගෙත් අවධානයට ලක් වූ අවස්ථාවක් වූයේ, ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණු 14 හැවිරිදි චමොදි මුණසිංහ මෙම තරගයේ දී ලකුණූ 42කට කඩුළු 5ක් දවා ගැනීමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රෂ්මිකා සෙව්වන්දි පන්දු 58ට ලකුණු 59ක් ලබා ගත් අතර, සංජනා කාවින්දි පන්දු 50ට ලකුණු 27ක් ලබා ගනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංග­ලන්ත කන්ඩායම සියළු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 118ක් පමණයි.

එංග­ලන්ත කණ්ඩායම වෙනුවෙන් Jodi Grewcock පන්දු 24කදී ලකුණු 26ක් රැස් කළ අතර, Amu Surenkumar පන්දු 26කදී ලකුණු 25ක් රැස් කළා.

දෙව්මි විහගා ලකුණු 43ට කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...