28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

ලක්ෂ 80ක් උස්සන්න ගිය පොලීසියේ දෙන්නෙක් ඇතුලු පිරිසක් මාට්ටු

- Advertisement -

මහනුවර – පූර්ණවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80 ක මුදලකට ව්‍යාජ මුදල් දමා එම ව්‍යාපාරිකයා පොලිසියට හසුකොටදී ,මුදල් කොල්ලකෑමට උත්සාහ කළ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර මූලස්ථාන පොලිසියේ හදිසි ඇමතුම් අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ව්‍යාජ මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට යන බව පවසා රාජකාරී ගමනක් යොදාගෙන කොල්ලකරුවන් සමග එකතු වී කොල්ලය සිදු කිරීමට සැලසුම් කොට ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

ව්‍යාපාරිකයාගේ මුදල් නෝට්ටුවලට මාරු කිරීමට ගෙන ආ බව කියන ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

පැෆරල් සංවිධානයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වග බලා ගන්නා ලෙස රජයේ ආයතන...

ආනවිලුන්දාවේ කුරුල්ලන් සහ මසුන් අබිරහස් ලෙස මිය ගිහින්

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ආශ්‍රිත කුරුළු අභය භූමියේ සහ එහි ජල මාර්ගවල කුරුල්ලන් සහ මසුන් සිය ගණනක් මිය ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ මෙම...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...