ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල් පීරිස් අද (31) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
මෙහිදී ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට කටයුතු කරන බවයි.
ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, නීතීඥ උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් මෙලෙස විපක්ෂයේ අසුන් ගනු ලැබුවා.
ආණ්ඩු පක්ෂයේ බහුතරය නියෝජනය කරන පක්ෂයේ සභාපතිවරයා විපක්ෂයේ අසුන් ගැනීම ඓතිහාසික අවස්ථාවක් වනවා.