31 C
Colombo
Thursday, July 10, 2025

පාකිස්තානයේ වෙඩිතැබීමකින් බස් රථයක ගමන් ගත් පිරිසක් මරුට

- Advertisement -

නිරිතදිග පාකිස්ථානයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට බලොචිස්තාන් පළාතේ බස් රථයක ගමන් ක්රමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු පැහැරගෙන ගොස් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

බලොචිස්තාන් ප්‍රාන්තයේ ක්‍රියාත්මක සටන් කණ්ඩායමක් විසින් එම ප්‍රහාරය සිදුකර ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළ කරනවා.

මේ අතර, බ්‍රිතාන්‍යය එරට පුරවැසියන්ට සංචාරය කිරීමට භයානක බවට අනතුරු අඟවන රටවල් ලැයිස්තුවට පාකිස්තානය ද එක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔවුන්ගේ නවතම ලැයිස්තුව යාවත්කාලීන කර ඇති අතර එහිදී පාකිස්තානය ඇතුළු තවත් රටවල් 08ක් එකතු කර තිබෙනවා.

අපරාධ, යුද්ධය, ත්‍රස්තවාදය, රෝග, කාලගුණික තත්ත්වයන් සහ ස්වභාවික විපත් ඇතුළු විදේශිකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන කරුණු රැසක් සලකාබලා බ්‍රිතාන්‍ය එම ලැයිස්තුව සකස් කරනු ලබනවා.

ඒ අනුව, එම ලැයිස්තුවට අලුතින් එකතු කළ රටවල් අතරට රුසියාව, යුක්‍රේනය, ඊශ්‍රායලය, ඉරානය, සුඩානය, ලෙබනනය, බෙලරුසියාව සහ පලස්තීනය අයත් වෙනවා.

කෙසේවෙතත්, පාකිස්තාන මාධ්‍ය වාර්තා එරට බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ එවැනි පාකිස්තානය සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...

බදු තවත් අඩු කරගන්න බලනවා – හර්ෂණ

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබදු ප්‍රමාණය ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වයක් බවත්, නමුත්  තවත් අඩු කරවාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් මුදල්...

සිංගිමලේ ජලාශයේ ජලය ලබා ගැනීම තාවකාලිකව නතර කරලා

හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඉකුත් 8වනදා පාසල් සිසුවෙකු වැටී...

POPULAR ARTICLES

පරාජයේ වාර්තාව ඉන්දියාවට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි වුයේ නැහැ. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර...

සුදුවෙන ක්‍රීම් නිසා මහියංගනේ පවුල් ප්‍රශ්න

පවුල් ආරවුල් සම්බන්ධයෙන් මහියංගණයට ලැබෙන පැමිණිලි අතරින් බොහොමයක්ම සැමියා උපයන මුදල් බිරිඳ විසින් අසීමිත ලෙස රූපලාවණ්‍ය කටයුතු සඳහා වැයකිරීම මත ඇතිවූ ආරවුල් බවට...

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...