නාඳුනන කණ්ඩායමක් ඊයේ (01) රාත්‍රියේ තම නිවසට ඇතුළු වී ලේඛන කිහිපයක් සොරකම් කර ඇති බව මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතා පවසනවා.
මරදානෙහි පිහිටි ඔහුගේ නිවසට ඊයේ රාත්‍රියේ මෙම කණ්ඩායම ඇතුළු වී ලේඛණ කිහිපයක් සොරකම් කර ඇති බව සදහන් කරමින් මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතා අද උදෑසන මරදාන පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.
නුෂ්ක අරවින්ද මහතා වසර 20 කට වැඩි කාලයක් නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන අතර ඔහු අවසන් වරට ස්වාරණවාහිනි ප්‍රවෘත්ති අංශයේ සේවය කළා.



