29 C
Colombo
Saturday, May 18, 2024

ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඉදිරියේ වෙන දේ ගැන ජනපතිගෙන් ඉඟියක්

- Advertisement -

කොළඹ නගරයේ ඇති වටිනා ඉඩම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් වන ව්‍යාපෘති සඳහා ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (05) පෙරවරුවේ කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින්.

අඩු හා මධ්‍ය ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති නගරයෙන් පිටත ඉදිකර නගරයේ වටිනා ඉඩම් ආයෝජන සඳහා ලබාදෙන්නේ නම්, එමඟින් මෙරට ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

“ඒ වගේම කොළඹ නගරයේ ඇති වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන ගොස් එම ස්ථානය වාණිජ අවස්ථාවක් සඳහා ලබා දුනහොත් මෙරට ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ ඔබ සිතා බලන්න.

එතැන් සිට දුම්රිය මාර්ගය දක්වා තිබෙන ඉඩම විශාල ආයෝජනයක් සඳහා යෙදවිය හැකියි. එය ශ්‍රී ලංකා ආර්ථිකයට සෘජුව බලපාන ව්‍යාපෘතියක් වනු ඇති බව අපේ විශ්වාසයයි.

කොළඹ නගරය ඉතා සුන්දර නගරයක් බවට පත් කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ත්‍රිකුණාමලය නගර සංවර්ධන සැලැස්ම මේ වන විටත් අප ඉදිරිපත් කර තිබෙනවා.

ත්‍රිකුණාමලය මඩකලපුව වේරුගල්ආරු දක්වා සංචාරක පුරයක් ඇති කිරීමට ඒ තුළින් බලාපොරොත්තු වෙනවා.

එහි නිර්මාණ සැලසුම් සඳහා ඔබටත් දායක විය හැකියි. එසේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නිර්මාණය කිරීමට ද ඉදිරියේදී සැලසුම් කර තිබෙනවා.

විධිමත් නගර සැලසුම් ව්‍යාපෘති ඔස්සේ සෑම නගරයක්ම අලංකාරවත් නගර බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා නව පනතක් ගෙන ඒමට ද ඉදිරියේ දී කටයුතු කරනවා.

එම නගර සංවර්ධන කටයුතු සඳහා අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක ප්‍රමාණයක් අපට අවශ්‍යයි. එසේම ගෘහ නිර්මාණ ශිල්පීන් වගේම තොරතුරු තාක්ෂණ විශේෂඥයින් අවශ්‍යයි.

ඉදිරියේ දී ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා රට තුළ මෙන්ම රටින් පිටත හොඳ අවස්ථා නිර්මාණය වී තිබෙනවා. ඉන්දියාවේ ඒ සඳහා පුළුල් අවස්ථාවන් පවතින අතර දැනටමත් ඒ වෙනුවෙන් ආරාධනා ලැබී තිබෙනවා.

ඒ නිසා ගෘහ නිර්මාණ ශිල්පීන් සහ වාස්තු විද්‍යඥයින් තම දියුණුව වෙනුවෙන් මෙම අවස්ථා භාවිතා කළ යුතු අතර හොඳ නාමයක් ද ගොඩනඟා ගත යුතුයි.”

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි – මුජිබර් (වීඩියෝ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...