28 C
Colombo
Saturday, July 27, 2024

පාකිස්ථානයෙන් ලංකාවට දැවැන්ත ඉලක්කයක්

- Advertisement -

2023 ආසියානු තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතර තරගය අද (14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වුණා.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථානු නායක බාබර් අසාම් සමත්වු අතර පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

වර්ෂාව නිසා අද තරගය පන්දුවාර 45කට සීමා කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 252ක් ලබා ගත්තා.

එහිදී අගනා පිතිහරඹයක නියැලුණු Mohammad Rizwan ලකුණු 86කින් පාකිස්තාන ලකුණු පුවරුව ශක්තිමත් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

පාකිස්තානය වෙනුවෙන් හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමග පන්දු 69කදී ලකුණු 52ක් රැස්කරගැනීමට Abdullah Shafique සමත්විය.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 65කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වුණා.

ප්‍රමෝද් මධුශාන් ලකුණු 58කට කඩුලු 2ක් දවාගත්තා.

ජයග්‍රහණය සඳහා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42කදී ලකුණු 253ක් රැස්කරගත යුතුයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...