28 C
Colombo
Saturday, July 27, 2024

කළුතර ශිෂ්‍යයා­වක් අතුරුදන්

- Advertisement -

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාවක් හදාරන 21 හැවිරිදි ශිෂ්‍යයාවක් අතුරුදන්වීමක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම සිසුවිය කළුතර, ගමගොඩ, කොහුලානේ පදිංචිකාරියක් බවයි.

ඇගේ මව පෙරේදා(28) සවස මොරටුව පොලිසියට පැමිණ ඇය අතුරුදහන් බවට පැමිණිල්ල කර තිබෙනවා.

එයිදී ඇය පවසා ඇත්තේ සිය දියණිය පෙරේදා උදෑසන ඉංග්‍රීසි පාඨමාලවට සම්බන්ධ වීමට යන බව පවසා නිවසින් පිටත්ව ගිය බවත් සවස නැවත නිවසට නොපැමිණි බවයි.

ඇගේ ජංගම දුරකතනයද අක්‍රියව පවතින බව ද මව පොලිසියට පවසා තිබෙනවා.

එහිදී පොලිසිය විසින් අතුරුදන් වූ තරුණියගේ මව විසින් කළ පැමිණිල්ලට අනුව කළ සොයා බැලීමේදී තරුණිය පෙරේදා එම පාඨමාලවට සහභාගි වී නැති බව අනාවරණය වී තිබෙනවා.

එබැවින් ජංගම දුරකතන ජාල විශ්ලේෂණයක් කරමින් ඇය සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයන් හඳුනාගෙන ඉදිරි විමර්ශන පවත්වන බව මොරටුව පොලිසිය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...