34 C
Colombo
Friday, May 3, 2024

2050 දී කුණු කන්දක් වන පෘථිවිය

- Advertisement -

ලෝකය තාක්ෂණය අතින් දියුණුවට පත්වීමේ වේගය වැඩිවත්ම ඊට දෙගුණයක වේගයකින් ලෝකයට අපද්‍රව්‍ය එකතු වීමේ සම්භාවිතාවක් පවතින බව statista වෙබ් අඩෙවිය පෙන්වා දී තිබෙනවා. ඔවුන් එහෙම කියන්නේ පසුගිය වසර 30 ක් පුරා පරිසරයට එකතු වූ අපද්‍රව්‍ය සහ ඉදිරි වසර 30 තුළ පරිසරයට එකතු වන්නට නියමිත අපද්‍රව්‍ය ගැන පූර්ණ සමීක්ෂණයක් කිරීමෙන් පසුවයි.

සාමාන්‍යෙයන් පරිසරයට එකතුවන අපද්‍රව්‍ය විවිධාකාරයි. ආහාර ඇසුරුම්වල සිට ඉලෙක්ට්‍රොනික උපාංග දක්වා වූ පුළුල් පරාසයක් ඒ තුළ පවතිනවා. සමීක්ෂකයන් කියන විදියට නම් මේ වනවිට බටහිර ධනවත් රටවල, විශේෂයෙන්ම ඇමෙරිකාව ස්විට්සලන්තය වැනි රටවල එක් පුදගලයෙකු විසින් එක වසරකට පරිසරයට මුදා හරින ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 800- 850 අතර වෙනවා. එයට, ඔවුන් වසරක් තුළ භාවිතයෙන් ඉවත් කරන පොලිතීන්, ඉලෙක්ට්‍රොනික උපකරණ, ප්ලාස්ටික සහ රබර් නිෂ්පාදන, ඇදුම්, ආභරණ ආදී සියල්ලම අඩංගුයි. නමුත් එය ඉදිරි වසරවල කිලෝ 1000-1200 අතර ප්‍රමාණයක් දක්වා වැඩි වෙන්නට නියමිතයි.

ඊට අමතරව වැදගත්ම කාරණය තමයි පසුගිය වසර 30 තුළ අපද්‍රව්‍ය ලෙස පරිසරයට එකතු නොවූ සුවිශේෂී ද්‍රව්‍ය කීපයක්ම ඉදිරි වසර 30 තුළ පරිසරයට එකතු වන්නට නියමිත වීම. ඒ තමයි ඊ අපද්‍රව්‍ය නමින් හදුන්වන පරිගණක සහ විදුලි උපකරණ ආශ්‍රිත කොටස්. 2019 වසරේදී පරිසරයට එකතු වුණු ඊ අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 52 ක්. නමුත් 2029 වනවිට එය සියයට 40 කින් ඉහළ යනු ඇති බවට පෙරනිමිති තිබෙනවා. 2030 වසර වනවිට ලෝකයේ පවතින ඊ අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 75 ට වඩා වැඩිවන බවට පුරෝකතනය වෙනවා.

ඒ වගේම ඊ අපද්‍රව්‍යවලටත් වඩා පරිසරයට හානිකර තවත් අපද්‍රව්‍ය වර්ගයක් ඉදිරි වසර 30 තුළ පරිසරයට එකතු වෙන්නට නියමිතයි. ඒ තමයි සූර්ය කෝෂ සහ සූර්ය පැනල. වර්තමාන ලෝකයේ සූර්ය කෝෂවල සහ සූර්ය පැනලවලට ඇති ඉල්ලුම පසුගිය වසරවලට සාපේක්ෂ්ව සියයට 80 කින් විතර ඉහළ අගයක්. ෆොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීමේ සිට පාරිසරික ගැටළු අති විශාල සංඛ්‍යාවකට පිළිතුරක් වුණු සූර්ය බල ශක්තිය, අනාගතයේදී පරිසරයේ විනාශයට හේතුවක් වෙන්න පුළුවන් ද කියලා දැන් ඔබට හිතෙනවා ඇති.

සූර්ය පැනල නිසා ඇතිවිය හැකි ප්‍රධාන පාරිසරික ගැටළුව තමයි ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලිය. මේ ක්‍රියාවලියට තුළ ඊයම්, ආසනික් වැනි අන්තරායකර ද්‍රව්‍ය රැසක්ම ක්‍රියාකාරී වෙනවා. ඉන් පරිසරයට සිදුවන බලපෑම ගැන වාර්තා ඉදිරිපත් කරන්න තරම් සුදුසු පරීක්ෂණ මේ දක්වා සිදුොවෙලා නැහැ. සාමාන්‍යෙයන් සූර්ය කෝෂයක ආයු කාලය අවුරුදු 25 ක් 30 ක් විතර වෙනවා. ඉන්පසු ඒවා තවදුරටත් අවශ්‍ය තරම් බලශක්තිය ජනනය කරන්නේ නැහැ. ඉන්පස්සේ ඒවා ගලවා ඉවත් කිරීම හැරෙන්නට වෙනත් කළ යුතු දෙයක් නැහැ. සාමාන්‍යෙයන් සූර්ය කෝෂයක් සම්පූර්ණයෙන්ම දිරාපත් වී විනාශ වෙන්නේ නැහැ. එහි ඇති ප්ලාස්ටික් කොටස් අවුරුදු 200 – 500 අතර කාලයකදී දිරාපත් වී ගියත් ඊයම්, ආසනික් ආදිය එසේ දිරාපත් වී විනාශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පසේ ජීවත්වන ක්ෂුද්‍ර ජීවීන්ට මේවා ජීර්ණය කරන්න හැකියාවක් නැහැ කියන එකයි. සිදු වන්නේ ඒවා පරිසරයට එකතු වීම පමණයි.

2030 වසර වනවිට ගෝලීය සූර්ය බලශක්ති ජනනය ගිගාවොට් 18 ක් වන අතර එය පැනල මිලියන 60 ක් මගින් ජනනය වෙනවා. නමුත් 2050 වසර වනවිට එය ගිගාවොට් 630 දක්වාත් පැනල බිලියන 2 ක් දක්වාත් වර්ධනය වෙන්න නියමිතයි. මේ සියල්ලම තවත් වසර 20 ක් 25 ක් තුළ අපද්‍රව්‍ය විදියට පරිසරයට එකතු වීම වළක්වන්න බැහැ. මේ ආකාරයට අනාගතයේ දී පරිසරයට එකතු වන්නට නියමිත ඊ අපද්‍රව්‍ය සහ සූර්ය පැනල, සූර්ය කෝෂ ආදී අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 7 පමණ වන අතර 2050 වසරේ එය මෙට්‍රික් ටොන් මිලියන 78 ඉක්මවා යනු ඇති බවටත් සමීක්ෂකයින් වාර්තා කර තිබෙනවා. මේ නිසා අනාගත පෘථිවියේ ගුවන් ඡායාරූපයක කුණු කන්දක් මිස ස්වභාවික වටාපිටාවක් දකින්න ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...