24 C
Colombo
Monday, January 20, 2025

ව්‍යවසායකයින් ශක්තිමත් කරන්න ණය යෝජනා ක්‍රමයක්

- Advertisement -

ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රජය පවසන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා කාරක ප්‍රාග්ධනය සහාය ලබාදීමට ආසියා සංවර්ධන බැංකුව එකඟතාවය පළ කර ඇති බවයි.

යෝජිත වැඩසටහන මඟින් දැනට ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පුළුල් කර ගැනීමට සහ ප්‍රකෘතිමත් කර ගැනීමට අවශ්‍ය ණය පහසුකම් බල පත්‍රලාභී  වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා සහනදායී පොලී අනුපාත ලබාදීමට අපේක්ෂා කරනු ලබන බවද රජය පෙන්වා දෙනවා.

එමෙන්ම, එකී ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන විස්සක් යෙදවීමට නියමිත අතර ඉන් රුපියල් බිලියන 15ක් දැනට පවත්වාගෙන යනු ලබන සහ නව ව්‍යවසායයන් ශක්තිමත් කිරීමටත්,ඉතිරි රුපියල් බිලියන 5ක මුදල අක්‍රීය ණය කාණ්ඩය යටතේ පවතින ව්‍යවසායයන්ට සහාය වීමටත් යෙදවීමට නියමිත බවද රජය පවසනවා.

ඒ අනුව, යෝජිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම පිණිස මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය...

අදානිගේ ව්‍යාපෘතියකට දුන් බදු සහනයෙන් ඩොලර් මිලියන 200ක පාඩුවක්

අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම සහ ජෝන් කීල්ස් සමාගම විසින් මෙහෙයවන කොළඹ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතියට , ආයෝජන මණ්ඩලය විසින් ලබා...

විනිසුරු නිශ්ශංක බන්දුල විශ්‍රාම පූර්ව නිවාඩු යයි

ලබන ජූනි මාසයේදී විශ්‍රාම ලැබීමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගනු ඇතැයි වාර්තා වෙනවා. ඊට අදාළ...

POPULAR ARTICLES

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය...

අදානිගේ ව්‍යාපෘතියකට දුන් බදු සහනයෙන් ඩොලර් මිලියන 200ක පාඩුවක්

අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම සහ ජෝන් කීල්ස් සමාගම විසින් මෙහෙයවන කොළඹ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතියට , ආයෝජන මණ්ඩලය විසින් ලබා...

Breaking: ගල්ඔය බැම්ම කඩා යයි – අක්කර 600ක් යට වෙයි

ගල් ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටී තිබෙනවා. ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 600ක් පමණ ජලයෙන් යට වී ඇති...