28 C
Colombo
Saturday, July 27, 2024

ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

- Advertisement -

මෙරට සංචාරයක නිරත වූ ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

වෙලම්බොඩ ප්‍රදේශයේදී පසුගිය 9 වනදා අතවරයක් සිදු වූ බවට ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුවයි මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අතවරයකට ලක් වී ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ 39 හැවිරිදි කාන්තාවක්.

මෙම කාන්තාව, ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ සංචාරයක් සඳහා පසුගිය 6 වනදා මෙරටට පැමිණ ඇති අතර, පසුව ඔවුන් ගම්පොළ ප්‍රදේශයේ හෝටලයක් තුළ නවාතැන්ගෙන තිබුණා.

එහිදී ඇය හෝටල් බලධාරීන්ට දැනුම් දී ඇත්තේ, තමන්ට සම්භාහන සත්කාරයක් ලබා ගැනීමට ඒ හා සම්බන්ධ පාර්ශවයක් සම්බන්ධ කර දෙන ලෙසටයි.

ඒ අනුව, හෝටලේ හිමිකරු වාද්දූව ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊට සම්බන්ධ කර දී තිබෙනවා.

සම්භාහන කටයුතු සඳහා පැමිණ තිබෙන පුද්ගලයා 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය සඳහන් කළේ, අදාළ සම්භාහන කළ පුද්ගලයා තමන්ට අතවර කළ බවට අදාළ ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාව කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...