27 C
Colombo
Friday, May 3, 2024

සිංහ කොල්ලන්ගෙන් එමීර්වරුන්ට දැවැන්ත ඉලක්කයක්

- Advertisement -

ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය මේ වන විට සිම්බාබ්වේ හි බුලවයෝ හිදී පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 95ක සවිමත් සබඳතාවක් ගොඩනැගීමට දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 57කට දැවී ගිය අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් වුණා.

පැතුම් නිශ්ශංක ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවාර 26.1කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු දෙකක් බිඳ වැටි තිබු අතර ඉන් අනතුරුව පිටියට පිවිසි සධිර සමරවික්‍රම සහ කුසල් මෙන්ඩිස් තෙවන කඩුල්ලට ලකුණු 105ක ශතක සබඳතාවක් ගොඩ නැගුවා.

එහිදී සධිර සමරවික්‍රම ලකුණු 73ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වුණා.

ඉනිමේ අවසන් පන්දුවාර 10යේ ශ්‍රී ලංකා කණ්ඩායම සටන් කාමී ලෙස ක්‍රීඩා කළ අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙස පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 355ක් රැස් කළා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දුවාර 23කදී ලකුණු 48ක් ලබාගත් අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත්.

එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් Ali Naseer කඩුලු දෙකක් සහ Rohan Mustafa, Aayan Afzal Khan, Basil Hameed එක් කඩුල්ල බැඟින් දවා ගත්තා.

ඒ අනුව තරඟය ජය ගැනීමට නම් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 50ක් තුළදී ලකුණු 356ක් ලබාගත යුතු වනවා.

RECENT ARTICLES - SINHALA

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...