24 C
Colombo
Thursday, February 20, 2025

අනුර සහ යුරෝපා තානාපතිනිය අතර හමුවක්

- Advertisement -

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන කාමෙන් මොරෙනෝ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහ​තා අතර හමුවක් සිදුව තිබෙනවා.

අද (13) පස්වරුවේදී එම හමුව සිදුව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල, පැලවත්ත පිහිටි මූලස්ථානයේදීයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන්වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම මෙන්ම මැතිවරණ කල් දැමීම ගැනද ඔවුන්ගේ අවධානයට ලක්වූ බව සඳහන් වනවා.

එමෙන්​ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety bill) පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ අතර දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

මෙම හමුව සඳහා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානි ලාර්ස් බ්‍රෙඩාල් (Lars Bredal) සහජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහ​තාද එක්වී සිටියා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES