28 C
Colombo
Saturday, July 27, 2024

ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

- Advertisement -

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර අමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, ඊයේ (13) පස්වරුවේදී Galle Face හෝටල් පරිශ්‍රයේදීයි.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මියද සහභාගි වී තිබෙනවා.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය සහභාගි වී තිබුණා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහ ඉන්දියන් සාගර කලාපයේ ආරාක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමු වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...