28 C
Colombo
Monday, May 20, 2024

මාර්ක් ඇන්ඩෘ සහ අනුර දිසානායක අතර හමුවක්

- Advertisement -

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (09) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම හමුව සඳහා එක්සත් ජාතීන්ගේ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක පැට්‍රික් මැකාතී මහතා, සාමය සහ සංවර්ධනය පිළිබඳ විශ්ලේෂක නෙත්මිනී මැදවල මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්වු බවට වාර්තා වනවා.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්ත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන බව පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ දේශපාලන පක්ෂ විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබුණා.

මෙහිදී තම දේශපාලන සංස්කෘතිය, ආරම්භයේ සිටම ආචාරධර්ම පද්ධතියක් පදනම් වී ඇති බව අවධාරණය කළ ජාතික ජන බලවේගය එ.ජා. නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට තම පූර්ණ සහාය හිමි වන බව ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දිනය මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා දින නියම වී තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට 

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට (වීඩියෝ)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...