29 C
Colombo
Friday, May 17, 2024

කෝටිපති ව්‍යාපාරිකයකුගේ මළසිරුරක් නාන තටාකයෙන් හමුවෙයි

- Advertisement -

දින කිහිපයක සිට අබිරහස් ලෙස අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ මළසිරුර ඔහුට අයත් තලංගම පැලවත්ත එන් ඩි එච් පුර සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ හමුවී තිබෙනවා.

තලංගම පොලිසිය කියා සිටියේ මළ සිරුර සොයා ගන්නා විට නිරුවත්ව තිබූ බවයි.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් තිබුණේ වැල්ලම්පිටිය කිත්තම්පහුව පදිංචිව සිටි රොෂාන් වන්නිනායක නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය 30 වනදා දින නිවසින් පිටත්ව ගිය සහෝදරයා මෙතෙක් නිවසට නොපැමිණි බව පවසමින් මියගිය පුද්ගලයාගේ සහෝදරිය විසින් ඊයේ (1) ද වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ව්‍යාපාරිකයාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් මෙන්ම නුගේගොඩ කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත ඇති බවයි වාර්තා වන්නේ.

තලංගම පොලිසීය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

සුරක්ෂා රක්ෂණය යළිත්

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. 2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී නවතා...

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජබයට 

හිටපු යුද හමුදාපති, විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්වී...

මෙහෙකාර දැරිය පිලිස්සි මියයෑමේ නඩුවෙන් රිෂාඩ් නිදහස්

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක මීට වසර 3කට පෙර පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව රිෂාඩ්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...