දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.
හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලීසිය පවසන්නේ කොළඹ සිට පැමිණෙන වාහන ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙන් හැටන් වෙත පැමිණීමට හැකියාව පවතින බවයි.
මේ අතර මහනුවර සිට පැමිණෙන රථවාහනවලට නාවලපිටිය දිඹුලපතන තලවකැලේ මාර්ගය භාවිත කිරීමේ හැකියාව පවතින බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර දෙනියාය රත්නපුර මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයද සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.
පොලීසිය පවසන්නේ එම මාර්ගයේ අනිල්කන්ද ප්‍රදේශයේ 86වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් මාර්ගයට මෙලෙස පස්කන්ද කඩාවැටී ඇති බවයි.