29 C
Colombo
Saturday, July 27, 2024

කුරුවිට ඝාතනයක්

- Advertisement -

කුරුවිට පොලිස් වසමේ කීරගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට සිදුකළ පයින් පහරදීමක් හේතුවෙන් ඝාතනයක් සිදුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රී කාලයේ එම පුද්ගලයා බිමට වැටී සිහිසුන්ව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 59ක් වූ කීරගල – කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිට ට පැමිණි බීමත් පුද්ගලයෙකු ගිනිපෙට්ටියක් ඉල්ලා ඇති අතර, එය ලබාදීමට ප්‍රමාදවීම හේතුවෙන් බීමත් පුද්ගලයා විසින් නිවැසියන්ට පරුෂ වචනයෙන් බැන වැදී තිබූ බවයි සදහන් වන්නේ.

එහිදී මියගිය පුද්ගලයා විසින් එසේ නොකරන ලෙසට පවසා තිබෙනවා.

එවිට බීමත් පුද්ගලයා විසින් නිවෙස්හිමියාට පයින් පහරදී ඇති අතර, ඔහු බිම වැටී සිහිසුන්ව සිටිය දී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

සිද්ධියට සම්බන්ධ සැකකරු පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලීසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...