30 C
Colombo
Friday, May 17, 2024

විදුලි වාහනවලට ජාතික ප්‍රතිපත්තියක්

- Advertisement -

කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව විදුලි වාහන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් එළිදක්වන බව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික කර්මාන්ත සංවර්ධන උපදේශක කමිටුවේ සාමාජික ගාමිණි රණසිංහ මහතා පවසනවා.

ඒ අනුව විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය පනතක් බවට පත් කිරීම ඉදිරියේදී සිදු වන බව සඳහන්.

ශ්‍රී ලංකාවට අදාළ වන රථවාහන ප්‍රතිපත්තියක් මේ වන තුරු සකස් කර නැති බවත් රථවාහන ප්‍රතිපත්තිය සකස් කර, ඒ තුළ විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පෙන්වා දුන්නා.

විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කිරීමෙන් පසු විදුලි වාහන එකලස් කිරීම, නිෂ්පාදනය සහ ආනයනය සම්බන්ධයෙන් පිරිවිතරයන් සහ අදාළ නිර්ණායකයන් තීරණය කරන බවයි.

එමෙන්ම විදුලි වාහන ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමටද නියමිත අතර විදුලි වාහන ගෙන්වන, නිපදවන සහ සේවා සපයන ආයතන මෙම නිර්ණායකවලට අනුව කටයුතු කළ යුතු වනවා.

RECENT ARTICLES - SINHALA

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

කුසල්ගේ වීසා ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද...

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න අංකයක්

ව්‍යාජ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බවයි. එම සංගමයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...