බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේ අමාත්‍යවරයෙකු සහ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ලැබූ අතර ඔහුට සුබ පැතීම සඳහා රට පුරා ප්‍රදේශ ගණනාවක ප්‍රචාරක පුවරු සවිකර තිබේ.
පොදුජන පෙරමුණේ දේශපාලඥයන් විසින් තම ආසනයන්හි මෙම ප්‍රචාරක පුවරු තමන්ගේ පින්තූර ද සහිත ව මෙලෙස පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය අරඹා තිබේ.
කෙසේ නමුත් මෙය පෝස්ටර් රහිතව ශ්‍රී ලංකාව සුන්දර කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තියට පටහැණි බවටයි ජනතාව අදහස් පල කර සිටින්නේ.






