දේශීය ඉන්ධන වෙළෙඳ ක්‍ෂේත්‍රය විදේශීය ආයෝජකයින් සඳහා විවෘත කිරීමෙන් අනතුරුව මෙරට ආයෝජනය සඳහා කටයුතු කළ ඇමෙරිකානු මූලයක් සහිත සමාගමක් වන, Shell – RM Parks සමාගම හා ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඉන්ධන ගබඩා කිරීම හා ඛෙදා හැරීමේ ගිවිසුමකට අද (12) එළැඹුණා.
ඒ, කොළොන්නාව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදීයි.
ඒ අනුව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, Shell – RM Parks සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදා හැරීම ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසෙනවා.
ඉකුත් (2023) වසරේ ජුලි 08 වැනිදා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය එක්ව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් තැබුවා.
අදාළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කඩිනමින් ඇරඹීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ උපදෙස් මත මෙම ගිවිසුම් ගත වීම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.