24 C
Colombo
Thursday, February 20, 2025

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

- Advertisement -

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලබන ප්‍රධාන පෙළේ සිවිල් තනතුරක් වන පොලිස් කොමසාරිස් ජනරාල්වරයාට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරෙනු ඇති.

මෙම තනතුරට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට හිටපු පොලිස්පතිවරයා පත් කරන ලෙසටද ජනාධිපති කාර්යාලයට තවත් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වනවා.

එසේ වුවද රජයට වැඩි ප්‍රමුඛතාව ලබාදෙන්නේ අලුතින් ස්ථාපිත කරන පොලිස් කොමසාරිස් ජනරාල් ධූරය චන්දන වික්‍රමරත්න මහතාට පැවරීමට බව වැඩිදුරටත් සඳහන්.

කෙසේවුවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ඇත්තේ මාස තුනකට වන අතර පොලිස් දෙපාර්තමේන්තුවේ මුල් පුටුව සඳහා සුදුස්සෙකු පත් කිරීමට නොහැකිව මාස 8 කට අධික කාලයක් මේවන විට ගතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES