31 C
Colombo
Saturday, May 18, 2024

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

- Advertisement -

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, පසුගිය දිනවල එම ප්‍රදේශවලට බලපෑ අධික වර්ෂාපතනය හේතුවෙන් එම තත්ත්වය හට ගෙන ඇති බවයි.

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ මේ වනවිට නායයෑම් තත්ත්වයක් සක්‍රීය වෙමින් පවතින අතර පවතින තත්ත්වය හමුවේ එම ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් අදාළ ප්‍රදේශයේ සංචාරයකද නිරත වුණා.

එහිදී නායයෑමේ තත්ත්වය සක්‍රීය වී ඇති බව ද ඔවුන් ප්‍රකාශ කළ අතර එසේවීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ඔවුන් කිසිවක් ප්‍රකාශ කර තිබුණේ නැහැ.

ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා සිටියේ, 

“බොහොම ගැඹුරින් පොළොවේ ගමන් කරන උමං මාර්ගයක ජලය… එහෙම අධික පීඩනයක්… පෘතුවි පෘෂ්ඨය මතුපිටට එන්න තරම් අධික පීඩනයක් ඇති වෙනවා නම් ඒ පීඩනයම ඇති ජලය ආපසු ගලාගෙන යන්නේ ඒ ජලය එන ජලාශය වෙතට. ඒ නිසා එවැනි කාරණයක් ගැන හිතන්න අපට අවශ්‍ය නැහැ. මොකද හේතුව… එහෙම අධික පීඩනයක් ඒ උමං මාර්ගය තුළ නැති බව තමයි දැන් අපිට පෙනී යන කාරණය.”

RECENT ARTICLES - SINHALA

කාවිංග පෙරේරා රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අද (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ...

තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ...

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...