26 C
Colombo
Sunday, May 19, 2024

නාට්ටාමින්වරුන්ට අලුත් වාහනයක්

- Advertisement -

පිටකොටුවේ රැකියා කරන නාට්ටාමින්වරුන් සඳහා විද්‍යුත් අත් කරත්ත ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ,යෝජිත කොළඹ නගර සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡාවක් සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේදී.

අදියර 4ක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කොළඹ නගර සැලැස්ම සහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගින් කොළඹ නගරය තුළ රථවාහන තදබදය අවම කිරීම,ජනතාවට පහසු වන පරිදි කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ බස්රථ නැවතුම්පොළ ස්ථාපිත කිරීම මෙන්ම එමගින් හිස්වන භුමි සංචාරක ව්‍යාපාරයට සහ ආයෝජන සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව එහිදී සාකච්ජා කර තිබෙනවා.

කොළඹින් පිටත සිට පැමිණෙන කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට අපහසුතාවයක් නොවන පරිදි සහ වෙළඳ ප්‍රජාව අපහසුතාවට පත් නොවන අයුරින් මෙම සියලු සැලසුම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසද රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවට වාර්තා වනවා

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...